7:57 PM

ඇය නොවිඳි දුක

කඳුලක් නැතිව හඬමින්
යෙහෙලියක මිමිණුවා,
මා විඳි දුක
නොදී මගෙ දරුවනට
වෙමිය අම්මා
උතුම් ලොවටම...

මා සිත කකියයි,
ඈ නොවිඳි දුක්
විඳදරා හුන්
ගැහැණිය
කිම නූනේ
උතුම් ලොවටම...

1:05 PM

සියපත (සිංහල යුතුරුලියන පුහුණු වැඩසටහන : Sinhala Typing Tutor)


සියපත යනු . . .
සියපත නොහොත් සිංහල යතුරුපුවරු පරිශීලන තක්සලාව, සම්මත සිංහල යතුරුපුවරුව නිසි පරිදි පරීශීලනය කිරීමට පුහුණු කරවීම සඳහා නිපදවන ලද්දකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පනස්වස් සැමරුම නිමිත්තෙන් පවත්වනු ලැබූ අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා මෙහි මුල් අනුවාදය සාදන ලදී. එමගින් පැරණි විජේසේකර යතුරුපුවරු සැකැස්ම භාවිතා කර පරිගනක යතුරුලියන්නට පුහුණුවීම් කල හැකිව තිබුනි.

මුල් අනුවාදය භාවිතා කර සාර්ථකවූවන්ගේ යෝජනා මත මෙම නව අනුවාදය සාදා ඇති අතර නව විජේසේකර යතුරුපුවරුව පුහුණුවිය හැකි ලෙස සකසා ඇත.

නව සියපතෙහි අඩංගු ගුනාංග
  • නව විජේසේකර යතුරුපුවරු වින්‍යාසය
  • ඉංග්‍රීසි සිංහල අකුරු සහිත පැහැදිලි යතුරුපුවරුව
  • යතුරුපුවරුව මත දිස්වන මගපෙන්වීමේ සලකුනු
  • නිවැරදි ඇඟිලි භාවිතයට මගපෙන්වීම
  • ප්‍රතිඵල විශ්ලේෂණය
  • නිම කර ඇති පාඩම් වල ප්‍රතිඵල සංශිප්තව බලාගත හැකිවීම.
  • බාගත කිරීමක් හෝ ස්ථාපනය කිරීමක් අවශ්‍ය නෙවේ..

http://siyapatha.zzl.org මෙම සැබැඳුමට ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න,




(Siyapatha is an online sinhala typing tutor that is not required to download or install any anything in your computer. Just visit http://siyapatha.zzl.org and register as a new student and you will be able to practice all the sinhala typing lessons available at the siyapatha. There are many features that can help you to improve the correctness and the speed of sinhala typing. To be updated with the new features and products please be a fan of Siyapatha Facebook fan page.)

9:44 PM

මගේ වස් දඬු පරීක්ෂණය

video
මම බටනලා පිඹින්න පටන් ගත්තේ මෑතකදි. හැමදාමත් එකම සංගීත භාන්ඩ ටික වාදනය කරන්න කම්මැලියි වගේ. ඒක නිසා වෙලාවක් ලැබුනම බටනලාව පිඹිනවා. ඔහේ ඒ ඒ වෙලාව‍ට හිතෙන සිංදුව වාදනය කරනවා. සමහර වෙලාවට එක සිංදවකින් පටන් අරගෙන අවසානේ වෙන සිංදුවකින් ඉවර කරනවා. හරි හැටි පුහුණුවක් නොලබා මට හිතුනු හිතුනු හැටියට පුරුදු වුනු නිසා බටනලාව අල්ලන ඉරියව්ව නම් වැරදියි. තව මොනවා මොනවා වැරදිද දන්නේ නෑ. කෝකටත් බලලම ඉන්න.
අපේ අම්මයි අකක්යි නම් සමහර වෙලාවට කැමති නෑ. මොකද මට ඕක පිඹින්න වෙලාවක් කලාවක් නැති නිසා. අනික ළඟ පාතක ඉඳන් අහනකොට සමහර විට අප්පිරියත් ඇති. බලලා හොඳ නරක කියන්න.

1:26 PM

කතන්දරයක්

නිතිනා යතුරු ඔබමින් පුර නව හෝරා
නිමවා එන සඳ විඳ හිරු තෙද සාරා
නැගුනා බසයෙ ඇදුනා මුල්ලට පීරා
ඇදුනා සිතට නෙක නෙක සිතුවිලි ධාරා

විඳිනා කලට නෙක හිරිහැර සතර අතින්
සිතුනා මුදන්නට සිරවූ වදන මුවින්
සලකා දිග පළල පෙනෙනා උන්ගේ ගතින්
වඩනා මෛත්‍රිය යෙහෙකැයි සිතුනි සැනින්

නවතා බසය දිගු කල හස්ථය හමුවේ
නැඟුනා ළඳක් දුටුවන සුරඟනක මැවේ
දැනුනා ඇයට යහමින් අප විඳින පවේ
මැලවී වතද මැකුනා සිනහවද මුවේ

ඇදුනා සුමුදු දෑතක් ඈ වෙත හෙමිහින්
දැනුනා චන්ඩි කිරිකැටියෙකු බව සැනෙකින්
වෙලුනා ඈ සෙනේ පොඩි එකියක විලසන්
හැඟුනා ඈ  අහිංසක හැයි දුටු පමනින්

නවතා බසය අසලින් එක් නැවතුමක
බසිනා කෙනෙකි ලෙස ඇමිණි ඇති ඇමක
වැදුනා ඔහු අතක් සුරඟන වත කොනක
මිදුනා වදන්,සිහිකරවයි යකින්නක

12:37 AM

ජංගම දුරකථන සඳහා සිංහල RSS කියවනයක් / J2ME සඳහා සිංහල භාෂා සහයට library එකක්



මීට මාසෙකට විතර කලින් මෙම මෘදුකාංගයේම මුල් අවධියේ අනුවාදයක් පිළිබඳව මෙහි පල කලා. එහිදී ලැබුනු අදහස් වලට අනුව තමයි මෙහි ඉතිරි ටික හැදුවේ. ශාකුන්තල කිව්වා වගේ සිංහල rendering වලට මුල් අනුවාදයේ සෑහෙන්න වෙලා යනවා. ඉතිං ඒ rendering ක්‍රමය මුලුමනින්ම ඉවත් කරලා මගේම ක්‍රමයකට සිංහල render වෙන්න හැදුවා. වැඩිය මෙමරි භාවිතා නොවෙන විදියට ඉක්මනින් render කල හැකි සරල ක්‍රමයක් තමයි පාවිච්චි කලේ.
අද තමයි මේ assignment එක submit කලේ. ඉතිං මේගමන්ම අලුත් අනුවාදයත් දාන්න හිතුවා. මේකෙත් අඩුපාඩු ගොඩක් ඇති. හැකි අයුරින් ඒ ගැනත් දන්වන්න. ශාකුන්තල කිව්ව අර Bad UTF8 Format Exception එකට හේතුව වුනේ progress එක පෙන්නන්න දාපු form එක නිසා download වෙන දත්ත corrupt වීමයි. ඒ form එකත් ඉවත් කලා. දැනට download progress එක බලාගන්න ක්‍රමයක් නෑ. 

මෙන්න මේදේවල් තමයි අනිවාර්ය අවශ්‍යතාවයන්:

·    
Device Configuration: CLDC 1.0 or Later version



Device Profile: MIDP 2.0 or Later version


Minimum Java heap size: 2MB



Input: Classic Mobile Key layout / QWERTY Mobile Key Layout / Touch Mobile




Connections: Internet

මෙහි font faces FMGangaani font එකෙන් ලබාගත් ඒවා වේ. නමුත් Unicode අක්ෂර පමණක් මෙමගින් render කල හැක. මෙහි මම භාවිතා කල සිංහල අක්ෂර සහයක කොටස වෙනම library එකක් ලෙස සාදා ඇත. එය ඕනෑම j2me මෘදුකාංගයක් සමග සම්බන්ධ කල හැකි ප්‍රමාණයෙන් ඉතා කුඩා library එකකි. කොතරම්ද යත් සාමාන්ය font file එකකටත් වඩා පුමාණයෙන් කුඩා වේ. මෙම assignment එකේ ඇගයීම් කටයුතු ඉවර වූ පසු එම library එකද පොදු භාවිතය සඳහා මුදාහරීමට අදහසක් ඇත. දැනට අවශ්‍ය කෙනෙක් වෙතොත් මාගේ ඊමේල් ලිපිනය හරහා දන්වන්න (ravimal9ඇට්gmailඩොට්com). 
Touch screen inputs මුල්වතාවටයි software එකකට සම්බන්ධ කරන්නේ. නිසි අයුරින් වැඩ කරන්නේ නැතිනම් දන්වන්න. මෙතනින් බාගන්න.








s

4:50 PM

දැනුනි නම්

දැනුනි නම් මුලු ලොවම දවාලන බව ඉතින්
නොදල්වමි ගිනි මැලක් රැකෙන්නට සිසිලසින්
අඟුරු අලු ශේෂ වූ කාලවන් මිහි මතින්
ගලන ගංඟා රුහිරු කෙලෙස නවතනු සිතින්

1:41 PM

ජංගම දුරකථන සඳහා සිංහල RSS කියවනයක්.. (සිංහල නැතුව සිංහල කියවන්න)


මේ අධ්‍යයන වාරයෙත් අපිට අලුත් දෙයක් කරන්න අවස්ථාව ඇති පාඨමාලා දෙකක්ම කරන්න ලැබෙනවා. ඉන් කේවල ඇගයීමට මම හිතුවා සිංහල RSS කියවනයක් හැදුවනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. සාමාන්යයෙන් ජංගම දුරකථනයට සිංහල ෆොන්ට් දානවා කියන එක අමාරු වැඩක් කියලා දන්නවනේ. අනික ඒ සඳහා අවශ්‍ය කාලය, දැනුම සහ මෙවලම් හොයගන්න එක හැමෝටම කරන්නත් බෑ. එහෙම අමාරුවෙන් දැම්මත් rendering ප්‍රශ්න නිසා කියවන්නත් අමාරුයිනේ. ඒ නිසා අඩුගානේ සිංහල බ්ලොග් සහ සිංහල ප්‍රවෘත්ති ටිකවත් සිංහල ඇති නැති ඕනෑම ජංගම දුරකථනයකින් බලාගන්න පුලුවන් මෘදුකාංගයක් හැදුවානම් ප්‍රයෝජනවත්වෙයි කියලා හිතුනා.

දැන් ඒ වැඩේ පටන් ගත්තා. බොහෝදුරට නිම කර අවසන්. මගේ දුරකතනය ඇතුලු තවත් දුරකථන කිහිපයක එය හොඳින් වැඩකලත් ඉන්දරේගේ සහ වෙනත් යාලුවෙකුගේ දුරකථන වල එකිනෙකට වෙනස් error messages පෙන්නුවා. ඒ නිසා මෙහි ඉතිරි කොටස් develop කිරීමට මත්තෙන් ඔබ සැමගේ අදහස් දැන ගැනීමට අදහස් කලෙමි. දැනට ඔබ කැමති feed addresses bookmark කරගෙන එහි සියලුම සිංහල posts වල titles සිංහලෙන් කියවීමේ හැකියාව මෙමෙ මෘදුකාංගය සතුයි. සම්පූර්ණ post එක කියවීමේ හැකියාව පසුව එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වෙනත් එකතු කර යුතු අංගයන් යෝජනා කල හැකි නම් හොඳයි. තවද සියලු ගුණ අගුණ පිළිබඳ විස්තර බලාපොරොත්තු වෙමි.

පහත සබැඳියෙන් බාගත කරගත හැකියි. (මෙය UNZIP කර ‍.jar file එක install කරන්න)
http://www.fileden.com/files/2009/2/26/2338957//SinhalaRSS_Ravi.zip
Device Profile :
MIDP 2.0

(මගේ බ්ලොග් එකේ feed address එක පෙරනිමියෙන් ඇතුලත් වෙන්නේ ප්‍රෝමෝටිං වලට නෙවෙයි. ‍පරීක්ෂා කර බලන්න පහසු වෙන්නයි. ;) )

1:11 PM

මට පෙර ආ නිසා..෴

සිනහව නුඹ නිසා
සොමි සඳ නුඹ නිසා
අපි එක තැන නිසා
පිදි මම සෙනෙහසා

මට පෙර ආ නිසා
ලෝ දම් ඇති නිසා
මව් පිය දෙන කසා
බොමි වසමින් ඇසා

11:53 PM

දෙනෙත පෙම් කරන තුරු





එකම හිරු යට එකම පොළොවක විඳිති රූ සර
                                                         එකෙකු ලෙසිනේ
එකම හඳ ය‍ට එකම යහනක විඳති නිදි සුව
                                                           එකම ලෙසිනේ
එකම සංතාපයක වෙලෙමින සලති කඳුලැලි
                                                           එකම ලෙසිනේ
එකම වත රැඳි නයන සඟලක් පුරති මිතුදම්
                                                           එකම ලෙසිනේ


එකම හිරු යට නැවතුමක එක හැඳින සිත් අප
                                                        එකෙකු ලෙසිනේ
එකම සඳ යට එකම පැතුමක සිහින මැවුවේ
                                                           එකම ලෙසිනේ
හඬන නෙතු යුග හඬන තුරු තුටු කඳුලු පිරි
                                                   පෙම්වතුන් ලෙසිනේ
පුරමු මිතු දම් නොවී පෙමතුන් එකම වත රැඳි
                                                          නයන ලෙසිනේ

9:08 AM

මූණූ පොතෙන් අතීතෙට


යතුරු ලා දොරගුලු හැර
පෙරළා මුල් පිටුවට
බලමි රස කර කර
සකි ලා ගිය අතීතය

අතීතය ‍නම් මෙතෙකැයි
තත්පර පෑ ගණන් මෙලෙසයි
තනිව හඬනා අතීතෙට
මුසු කරමි මතකය සෙනෙහසින්

වත්මනද පසෙකින්
පෙළ ගැසී සකියන්
ඇඟිලි මැවු වැකියන්
මුසුවී අතීතෙට රහසින්

නුඹ වේද මගෙ සකි
මම දනිමි නුඹෙ සකි
සසලවු මිතුදමකි
කම් නැත තවත් සියයකි

නෙත යොමා සැමදෙන
රැක හිඳි සොයා වත්මන
හමුවුනේ හිඳි සැම දින
අතීතය මිස නොවේ වත්මන